Posts

Showing posts from January, 2026

3.0 දාර්ශනික අනුභූතිවාදයේ ඉතිහාසය (History of Philosophical Empiricism)

අනුභූතිවාදය (Empiricism) යනු දැනුම (Knowledge) ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රිය අත්දැකීම් සහ ප්‍රත්‍යක්ෂ නිරීක්ෂණය මඟින් උපදින බවට විශ්වාස කරන ප්‍රධාන ඥාන විභාගාත්මක (Epistemological) න්‍යායකි. මෙම දර්ශනය, දැනුම පදනම් වන්නේ පිරිසිදු තර්කය හෝ උපතින්ම ඇති අදහස් (Innate Ideas) මත බවට විශ්වාස කරන තාර්කිකවාදය (Rationalism) සෘජුවම ප්‍රතික්ෂේප කරයි. අනුභූතිවාදයේ ආරම්භක පදනම ශාස්ත්‍රීය යුගයේදී සටහන් වන අතර, ඇරිස්ටෝටල් (Aristotle, ක්‍රි.පූ. 384–322) විසින් දැනුම ආරම්භ වන්නේ ඉන්ද්‍රිය සංජානනයෙන් බව ප්‍රථමයෙන්ම අවධාරණය කරන ලදී. ඔහුගේ De Anima කෘතියේ සටහන් වන පරිදි, මිනිස් මනස උපතින් හිස් පුවරුවක් (Tabula Rasa) වන අතර, ලෝකය පිළිබඳ සියලු අදහස් අත්දැකීම් හරහා "ලිවිය යුතුය" යන සංකල්පය බටහිර අනුභූතිවාදයේ මූලික පදනම බවට පත් විය.  බ්‍රිතාන්‍ය අනුභූතිවාදය සහ එහි වර්ධනය.  17 වන සහ 18 වන සියවස්වල බ්‍රිතාන්‍ය දාර්ශනිකයන් වන ජෝන් ලොක්, ජෝර්ජ් බර්ක්ලි, සහ ඩේවිඩ් හියුම් විසින් අනුභූතිවාදය එහි උච්චතම අවස්ථාවට ගෙන එන ලදී. ජෝන් ලොක් (John Locke) ඔහුගේ An Essay Concerning Human Understanding (1690) කෘතියේදී Tabu...

මනෝරෝග නිවාරණය සහ රෝගී අභිප්‍රේරණ පිළිබදව බෞද්ධ දර්ශනයෙහි දාර්ශනික පදනම. (උමතුවේ සිට ප්‍රඥාව කරා වූ සායනික චාරිකාව)

Image
විමර්ශනාත්මක පූර්විකාව : "බටහිර මනෝවිද්‍යාව රෝගියාගේ බිඳුණු 'ඊගෝව' (මමත්වය) පිරිමදිමින් එය ශක්තිමත් කිරීමට වෙහෙසෙන විට, බෞද්ධ මනෝ-ප්‍රතිසංස්කරණය ප්‍රඥාවන්ත මැදිහත්වීමක් හරහා පීඩාවට මුල වූ ඒ 'මමත්වය' දිය කර හැර අසිරිමත් 'අවේධිත සැපය' කරා රෝගියා අභිප්‍රේරණය කරයි." මෙම විචාරය හුදු ආගමික ගවේෂණයකින් ඔබ්බට ගොස් , උමතුව (Psychosis) සහ ප්‍රචණ්ඩත්වයේ (Aggression) ගොදුරක් වූ පුද්ගල මනසක් , පූර්ණ අධ්‍යාත්මික සුවතාවය දක්වා පරිවර්තනය කිරීමට බුදුරජාණන් වහන්සේ යොදාගත් සායනික ක්‍රමවේද , දාර්ශනික සිද්ධාන්ත සහ අභිප්‍රේරණ උපක්‍රම පිළිබඳ කෙරෙන ප්‍රමාණික විවරණයකි . මෙහිදී ප්‍රධාන මූලාශ්‍රය ලෙස සංයුක්ත නිකායෙහි , සගාථ වග්ගයෙහි , යක්ඛ සංයුත්තයට අයත් ආළවක සූත්‍රය (10.1.12) පාදක කර ගනිමු . මෙම විවරණය බුද්ධියට ගෝචර වන පරිදි ග්‍රහණය කරගැනීමට නම් , ශ්‍රාවක හා පාඨක ඔබ පහත සඳහන් " විමර්ශන කොන්දේසි " සතර කෙරෙහි අවධානය යොමු කළ  ආගමික සීමාවන්ගෙන් මිදීම : මෙය හුදු බෞද්ධ ඉගැන්වීමක් ලෙස පමණක් වර්ගීකරණය කිරීමෙන් වැළකීම . සංකල්පීය පක්ෂපාතීත්වය බැහැර කිරීම :...