2.2. අවදානම් උත්පාදනය හා උපාය මාර්ගීක තීරණවලට බලපාන මූල හේතූන් පිළිබඳ බෞද්ධ දාර්ශනික පදනම.
විමර්ශනය (Lit2. සාහිත්‍යerature Review)
2.1. හැඳින්වීම
සාහිත්‍ය විමර්ශනය යනු පර්යේෂණ
ගැටලුවට අදාළව දැනටමත් සිදු කර ඇති අධ්‍යයන, න්‍යායික ආකෘති සහ දාර්ශනික සංකල්ප විචාරාත්මකව ඇගයීමයි. මෙම පරිච්ඡේදය,
අවදානම් කළමනාකරණය, උපාය
මාර්ගික තීරණ ගැනීම සහ බෞද්ධ දර්ශනය කළමනාකරණයට
යෙදවීම යන ක්ෂේත්‍ර තුනෙහි පවතින දැනුම සමාලෝචනය කරමින්, පවතින න්‍යායෙහි පවතින හිඩැස් හඳුනා ගනු ඇත.
2.2. අවදානම් උත්පාදනය හා උපාය මාර්ගීක තීරණවල බලපාන
මූල හේතූන් පිළිබඳ බෞද්ධ දාර්ශනික පදනම.
ආයතනික අවදානම් කළමනාකරණයේදී අවදානමේ
ප්‍රතිඵලය කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට, බෞද්ධ හේතු විද්‍යාව මඟින් තීරණ ගන්නා පුද්ගලයාගේ ක්ලේශීය මූලය පරීක්ෂා
කිරීමේ වැදගත්කම තහවුරු කරයි. අවදානම උද්ගත වීමට බලපාන ප්‍රධාන ක්ලේශ මූලයන් වන්නේ
අවිද්‍යාව, තණ්හාව, මානය
සහ දෘෂ්ටි ය. මෙම ක්ලේශයන්, පුද්ගල
මනසින් ආයතනික උපාය මාර්ග තුළට සංක්‍රමණය වී, පද්ධතිමය
අවදානම් ඇති කරයි.
2.2.1. අවිද්‍යාව (Ignorance) හෙවත් නුවණ මඳකම: අවදානම් දාමයේ මූලාරම්භය.
අවිද්‍යාව යනු යථාර්ථයේ ස්වභාවය (ත්‍රිලක්ෂණය)
පිළිබඳ නිවැරදි අවබෝධය නොමැතිවීමයි. (DN
15) {1}: දීඝ නිකාය.
මහානිදාන සූත්‍රයෙහි දැක්වෙන පහත නිදසුන් විවරණය
"අවිජ්ජාපච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා
නාමරූපං..." ගාථා විවරණාර්ථය අනුව: අවිද්‍යාව
නිසා සංස්කාර ඇතිවේ; සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ;
විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. එලෙසින් ජරාමරණ, ශෝක, වැළපීම්, දුක්,
දොම්නස් සහ උපායාස හටගනී. උක්ත දේශනා විවරණය අනුව: අවිද්‍යාව
යනු සමස්ත අවදානම් උත්පාදක දාමයේ (Risk Generation Chain)
මූලාරම්භය ලෙස සැලකිය හැක. ආයතනික සන්දර්භය තුළ, එය නියමානුකූල හේතු-ඵල දර්ශනය (කම්ම නියාම) පිළිබඳ අවබෝධය නොමැතිවීමයි.
කළමනාකාරිත්වය අනිත්‍ය/අනාත්ම වැනි යථාර්ථය පිළිබඳ අවබෝධය රහිතව තීරණ ගන්නා විට,
ඔවුන්ගේ එම සංස්කාර (චේතනා) මඟින් නොදැනුවත්ව (Unintended
Consequences) අවදානම් සහිත ප්‍රතිඵල ගණනාවක් ජනනය කරයි.
අවිද්‍යාව යනු සමස්ත අවදානම් උත්පාදක දාමයේ මූලාරම්භයයි. උපාය මාර්ගික බලපෑම:
කළමනාකාරිත්වය සම්මා දිට්ඨිය (නිවැරදි දැක්ම)
නොමැතිව, ආයතනික සාර්ථකත්වය හෝ ආකෘතිය ස්ථිර (නිත්‍ය)
යැයි සලකා උපාය මාර්ග තීරණය කරයි. මෙවිට, වෙළඳපොළේ සිදුවන
වේගවත් වෙනස්කම් (අනිත්‍ය ස්වභාවය) හඳුනා ගැනීමට අපොහොසත් වන අතර, එමගින් මූලික ව්‍යාපාරික ආකෘතියේ බිඳ වැටීමට තුඩු දෙන උපාය මාර්ගික
අන්ධභාවයක් (Strategic Blindness) ඇතිවේ.
2.2.2. තණ්හාව (Craving) හෙවත් දැඩි ආශාව: අධි අවදානම් තීරණවල චාලක බලය.
තණ්හාව යනු අධික අභිලාෂයන් සහ ඇල්ම වන
අතර, එය කාම, භව, විභව යන ත්‍රිවිධ ආකාරයෙන් අවදානම් උත්පාදනය කරයි. {2} සංයුත්ත නිකාය. සච්ච සංයුත්තය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙහි දැක්වෙන
පහත නිදසුන් විවරණය "කතමා ච භික්ඛවෙ දුක්ඛසමුදයෝ අරියසච්චං? යායං
තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්දිනී, සෙය්‍යථීදං:
කාමතණ්හා භවතණ්හා විභවතණ්හා." ගාථා
විවරණාර්ථය අනුව: මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය
කවරේද? යම් මේ තෘෂ්ණාවක් නැවත භවය ඇති කරන්නා වූ, ඇල්ම සහ ආශාව සමඟ යෙදෙන්නා වූ, ඒ ඒ තැන්හි
ඇලෙන්නා වූ නම් වේද, එනම් කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා යි. (කාම තෘෂ්ණාව යනු රූප,
ශබ්ද, ගන්ධ, රස,
ස්පර්ශය වැනි පංච කාම වස්තු කෙරෙහි ඇති ආශාවයි). උක්ත දේශනා
විවරණය අනුව: ආයතනික සන්දර්භය තුළ ක්ෂණික ලාභ, අධික
වර්ධනය සහ පංච කාම වස්තු හා සමාන වන සුවපහසුව අපේක්ෂා කිරීමයි. මෙම ක්ෂණික තෘප්තිය
සඳහා ඇති ආශාව නිසා කළමනාකරුවන් දීර්ඝකාලීන තිරසාරභාවය නොසලකා, අධික අවදානම් සහිත ජුගුප්සාජනක ආයෝජන (Speculative
investments) සහ ආචාර ධර්ම විරෝධී අලෙවිකරණ ක්‍රමවේදවලට
යොමු වේ. උපාය මාර්ගික තීරණ කෙරෙහි බලපෑම: ක්ෂණික මුදල් ලැබීම් (Quick
Wins) කෙරෙහි ඇති ආශාව බලපාන අතර, දීර්ඝකාලීන
තිරසාරභාවය (Sustainability) සහ ආචාර ධර්මීය
වටිනාකම් නොසලකා, අධි අවදානම් සහිත කෙටිකාලීන ආයෝජන (Short-term
Speculation) තීරණ ගැනීමට යොමු වේ.
2.2.2. තණ්හාව (Craving) හෙවත් දැඩි ආශාව: අධි අවදානම් තීරණවල චාලක බලය (අඛණ්ඩව) සූත්‍රයෙහි දැක්වෙන පහත නිදසුන් විවරණය මහාතණ්හාසංඛය සූත්‍රයට
(MN 38) {3} අනුව, භව තණ්හාව යනු යම් දෙයක් ස්ථිරව පවතීවා
යන ඇල්මයි. "තත්‍ර, භික්ඛවෙ, යං
රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා
පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, තත්‍ර ඡන්දරාගෝ, තං තත්‍ර භවතණ්හා." ගාථා
විවරණාර්ථය අනුව: මහණෙනි, යම්
රූපයක් අතීත, අනාගත, වර්තමාන වේද,
ඇතුළත හෝ පිටත වේද, ඔළාරික හෝ සූක්ෂම
වේද, හීන හෝ ප්‍රණීත වේද, දුර හෝ
සමීප වේද, එහි යම් කැමැත්තක් සහ ඇල්මක් ඇත්ද, එය භව තණ්හාව වේ. උක්ත දේශනා විවරණය අනුව: මෙම ක්ලේශය නිසා
නායකත්වය වර්තමාන සාර්ථක උපාය මාර්ගය වෙනස් නොකිරීමට දැඩිව ඇලී සිටියි.
නායකත්වයේදී වෙළඳපොළේ ස්ථිර ආධිපත්‍යය අපේක්ෂා කිරීමෙන්, නවෝත්පාදනයට (Innovation) ඇති බිය සහ වෙනස්කම්වලට අනුවර්තනය වීමේ (Adaptability) වැදගත්කම නොසලකා හැරීමෙන්, තරඟකාරී වාසිය නැති
වී ගොස් උපාය මාර්ගික අකර්මණ්‍යතාවයට (Strategic Inertia)
පත් වේ. විභව තණ්හාව යනු යම් දෙයක් නැති වී යෑමට ඇති
කැමැත්තයි. එය බ්‍රහ්මජාල (DN 1) සූත්‍රයෙහි
දැක්වෙන පහත නිදසුන් විවරණය උච්ඡේදවාදය ලෙස විග්‍රහ වේ. {4} "සන්ති, භික්ඛවෙ,
එකෙ සමණබ්‍රාහ්මණා උච්ඡෙදවාදා සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං
පඤ්ඤාපෙන්ති සත්තහි වත්ථූහි." ගාථා
විවරණාර්ථය අනුව: මහණෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු
උච්ඡේදවාදීහු වෙති; ඔවුහු සත්වයාගේ උච්ඡේදය, විනාශය සහ විභවය සත් වස්තුවකින් ප්‍රකාශ කරති. උක්ත දේශනා විවරණය
අනුව: ආයතනිකව, මෙය තරඟකරුවන් හෝ අභියෝගාත්මක
තත්ත්වයන් සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇතැයි සිතා අතාර්කික බලාපොරොත්තු තබා
ගැනීමයි. එසේම, මෙම තෘෂ්ණාව නිසා කළමනාකාරිත්වය
අර්බුදයකදී හේතුව විසඳීමට වඩා ක්ෂණික ප්‍රතිඵලය විනාශ කිරීමට උත්සාහ කරයි, එමඟින් සමස්ත පද්ධතිය අවදානමට ලක් වේ. මෙම තෘෂ්ණාව නිසා දුෂ්කර අර්බුද
හෝ තරඟකාරී තර්ජන වලට සත්‍ය වශයෙන් මුහුණ දෙනවා වෙනුවට, ඒවා
ඉබේම නැති වී යනු ඇතැයි යන අතාර්කික බලාපොරොත්තුවෙන් උපාය මාර්ගික මැදිහත්වීම්
(Interventions) ප්‍රමාද කරයි.
2.2.3. මානය (Conceit) හෙවත් අහංකාරය: තීරණවල විකෘතිභාවය
මානය යනු තමා පිළිබඳ වැරදි තක්සේරුවක්
කර ගැනීමයි. ඛන්ධ සංයුත්තයට (SN 22.49) අනුව, මානය අවිද්‍යාවෙන් පැන නගින අතර,
එය සෙය්‍යමාන, සදිසමාන,
හීනමාන ආදී ආකාරයෙන් තීරණ විකෘති
කරයි.{5} සංයුත්ත නිකාය. ඛන්ධ සංයුත්තය. ඛන්ධ සූත්‍රයෙහි
දක්වෙන පහත නිදසුන් විවරණය අනුව "කථං ච, භික්ඛවෙ, මානෝ හෝති? ඉධ,
භික්ඛවෙ, එකච්චෝ පරං අතිමඤ්ඤති යදිදං
ජාතියා වා ගෝත්තෙන වා..." ගාථා විවරණාර්ථය
අනුව: මහණෙනි, මානය ඇති වන්නේ කෙසේද? යම් කෙනෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් අනුන් අතිශයින්ම හීන කොට සලකන්නේද
(තමා උසස් යැයි සිතන්නේද), එසේ සලකන විට මානය ඇති වේ. උක්ත
දේශනා විවරණය අනුව: සෙය්‍යමාන යනු ආයතනික සාර්ථකත්වය පදනම් කරගෙන
තරඟකරුවන්, සේවකයන් හෝ උපදේශකයන් පහත් කොට සලකා ඔවුන්ගේ
අදහස් ප්‍රතික්ෂේප කිරීමයි. මෙම අධි තක්සේරුව නිසා, ආයතනය
තමන්ගේ දුර්වලතා හඳුනා ගැනීමට අපොහොසත් වන අතර, අධි
විශ්වාසය (Overconfidence Bias) මත පදනම් වූ
අවදානම් සහිත උපාය මාර්ගවලට යොමු වේ. එය උපාය මාර්ගික තීරණ ගැනීමේ ඒකමතිකභාවය බිඳ
දමයි.
2.2.4. දෘෂ්ටි (Wrong Views) හෙවත් වැරදි දැක්ම: විකෘති වූ යථාර්ථය
දෘෂ්ටි යනු යථාර්ථය විකෘති වී වටහා ගැනීම වන අතර, එය තීරණ ගැනීමේදී දත්ත විකෘති කිරීමට සහ ආචාර ධර්මීය නොවන තීරණවලට මඟ පාදයි.{6} මජ්ඣිම නිකාය. චූළවෙදල්ල සූත්‍රයෙහි දැක්වෙන පහත නිදසුන් විවරණය අනුව. "කථං පනය්‍යෙ, සක්කායදිට්ඨි හෝතීති? ඉධාවුසෝ විසාඛ, අස්සුතවා පුථුජ්ජනෝ... රූපං අත්තතෝ සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං." ගාථා විවරණාර්ථය අනුව: ආයුෂ්මත් විසාඛ, මෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා රූපය ආත්මය ලෙස දකියි, නැතහොත් රූපය ඇත්තෙක් ලෙස දකියි, නැතහොත් ආත්මය තුළ රූපය දකියි, නැතහොත් රූපය තුළ ආත්මය දකියි. උක්ත දේශනා විවරණය අනුව (අවදානම් කළමනාකරණ සන්දර්භය): ආයතනික සන්දර්භය තුළ, මෙය ආයතනය, නායකත්වය හෝ ව්‍යාපාරික ආකෘතිය ස්ථිර යැයි වැරදි ලෙස විශ්වාස කිරීමයි. මෙම ස්ථිරත්වයේ මිථ්‍යාව නිසා, කළමනාකාරිත්වය වෙළඳපොළේ සිදුවන අනිච්චතාව හඳුනා ගැනීමට අපොහොසත් වන අතර, එමඟින් උපාය මාර්ගික අවදානම් (Strategic Risks) ඉහළ යයි. මෙම දෘෂ්ටි නිසා කළමනාකරණය නම්‍යශීලී උපාය මාර්ග (Agile Strategies) ප්‍රතික්ෂේප කරමින්, වෙනස් නොවන ස්ථිර මෙහෙයුම් රාමුවක් පවත්වා ගැනීමට උත්සාහ කරයි. මෙය වෙළඳපොළේ වේගවත් විපර්යාස හමුවේ ව්‍යසනකාරී ප්‍රතිඵලවලට මඟ පාදයි.
2.
Literature Review
2.1.
Introduction
A
literature review is a critical evaluation of existing studies, theoretical
models, and philosophical concepts relevant to the research problem. This
chapter reviews the existing body of knowledge in three key areas: risk
management, strategic decision-making, and the application of Buddhist
philosophy in management, while identifying gaps in current theories.
2.2.
The Buddhist Philosophical Basis on the Root Causes of Risk Generation and
Strategic Decisions.
In
organizational risk management, instead of focusing solely on the outcomes of
risks, Buddhist etiology emphasizes the importance of examining the
"defilement roots" (Klesha) of the decision-maker. The primary roots
contributing to the emergence of risk are Ignorance (Avijja), Craving
(Tanha), Conceit (Mana), and Wrong Views (Ditthi). These defilements
transition from the individual mind into organizational strategies, creating
systemic risks.
2.2.1.
Ignorance (Avijja) or Lack of Wisdom: The Origin of the Risk Chain.
Ignorance
is the lack of correct understanding regarding the nature of reality (The Three
Marks of Existence/Tilakkhana).
- Scriptural
Reference (DN 15): The Mahanidana Sutta explains:
"Avijja
paccaya sankhara, sankhara paccaya vinnanam, vinnana paccaya namarupam..." (Through
ignorance, volitional formations arise; through formations, consciousness
arises; through consciousness, mind and matter arise... eventually leading to
aging, death, sorrow, and despair).
- Analytical
Interpretation: Ignorance is the starting point of the Risk
Generation Chain. In an organizational context, it is the lack of
understanding of the Law of Cause and Effect (Kamma Niyama). When
management makes decisions without understanding reality
(impermanence/non-self), their volitional formations (Sankhara/Intentions)
generate unintended risky consequences.
- Strategic
Impact: Without Right View (Samma Ditthi),
management assumes organizational success is permanent (Nitya).
This leads to Strategic Blindness, failing to recognize rapid
market changes and resulting in the collapse of the business model.
2.2.2.
Craving (Tanha) or Intense Desire: The Driving Force of High-Risk Decisions.
Craving
represents excessive ambition and attachment, generating risk in three forms: Kama-tanha,
Bhava-tanha, and Vibhava-tanha.
- Scriptural
Reference (SN 56.11): The Dhammacakkappavattana Sutta
explains:
"Katama
ca bhikkhave dukkhasamudayo ariyasaccam? Yayam tanha ponobhavika
nandi-raga-sahagata tatra tatrabhinandini..."
(What
is the Noble Truth of the Origin of Suffering? It is this craving which leads
to renewed existence, accompanied by delight and lust).
- Organizational
Context: Craving for instant profits and comfort
leads managers to ignore long-term sustainability. Managers may resort to Speculative
Investments and unethical marketing.
- Bhava-tanha
(Craving for Existence): According to the Mahatanhasankhaya
Sutta (MN 38), this is the desire for something to last forever.
Leadership becomes attached to current strategies, fearing innovation and
leading to Strategic Inertia.
- Vibhava-tanha
(Craving for Non-existence): As per the Brahmajala Sutta (DN
1), this manifest as an irrational hope that threats or competitors will
simply disappear, delaying necessary Strategic Interventions.
2.2.3.
Conceit (Mana) or Pride: The Distortion of Decisions.
Conceit
is a false self-assessment arising from ignorance. According to the Khandha
Samyutta (SN 22.49), it distorts decisions through feelings of superiority
or inferiority.
- Scriptural Reference:
"Katham ca bhikkhave mano hoti? Idha bhikkhave ekacco param
atimannati yadidam jatiya va gottena va..."
(How
does conceit arise? Here, one looks down upon others based on birth or
status...).
[Image
illustrating Ego vs Wisdom in Leadership]
- Strategic
Impact: Superiority complex (Seyyamana)
causes leadership to dismiss ideas from employees or consultants. This Overconfidence
Bias prevents the organization from recognizing its weaknesses,
leading to risky, unilateral decisions.
2.2.4.
Wrong Views (Ditthi): Distorted Reality.
Wrong
views involve a distorted perception of reality, leading to data manipulation
and unethical choices.
- Scriptural
Reference (MN 44): The Culavedalla Sutta explains Sakkaya
Ditthi (Personality View) as seeing the temporary as a permanent
"self."
- Risk
Management Context: This is the false belief that the
leadership or business model is permanent. This "Illusion of
Permanence" prevents the adoption of Agile Strategies, leading
to catastrophic results during market shifts.
Comments