2.2. අවදානම් කළමනාකරණයේදී ඇතිවන චර්යාත්මක පක්ෂග්‍රාහීත්ව (Behavioral Biases in Risk Management)
2.2. අවදානම් කළමනාකරණයේදී ඇතිවන චර්යාත්මක පක්ෂග්‍රාහීත්ව
(Behavioral Biases)
2.2.1. නීවරණ (Mental Hindrances) සහ තීරණ ගැනීමේ ගුණාත්මකභාවය
මනෝ භාව-නිවරණ කෙලින්ම අවදානම් තීරණයේ
ගුණාත්මකභාවය පහත හෙලන ක්ෂණික මානසික බාධා වේ. {7} අංගුත්තර නිකාය. පඤ්චක නිපාතෝ. 5.2.1.1.
නීවරණ සූත්‍රයෙහි දැක්වෙන පහත නිදසුන් විවරණය අනුව."පඤ්චෙමෙ භික්ඛවෙ, නීවරණා... කාමච්ඡන්දෝ නීවරණං,
ව්‍යාපාදෝ නීවරණං, ථීනමිද්ධං නීවරණං,
උද්ධච්චකුක්කුච්චං නීවරණං, විචිකිච්ඡා
නීවරණං." ගාථා විවරණාර්ථය අනුව: මහණෙනි,
මේ පස් නීවරණයෝ වෙති: කාමච්ඡන්දය, ව්‍යාපාදය,
ථීනමිද්ධය, උද්ධච්චකුක්කුච්චය, විචිකිච්ඡාව යි. උක්ත දේශනා විවරණය අනුව: නීවරණ යනු තීරණ
ගැනීමේදී චිත්තයේ ඒකාග්‍රතාව බිඳ දමන මානසික බාධාය. තීන-මිද්ධ (සුස්ති) නිසා අවදානම් පිළිබඳ නිසි අධීක්ෂණය නොකිරීම හෝ ප්‍රමාද තීරණ
ගැනීම, සහ උද්ධච්ච-කුක්කුච්ච (විකිර්ණය) නිසා දත්ත විශ්ලේෂණය වැරදීම් ඇති වේ.
2.2.2. පංච නියාම ධර්ම නොසලකා හැරීම: පද්ධතිමය
අවදානම් උත්පාදනය
පංච නියාම ධර්ම යනු ලෝකය පාලනය කරන
ස්වභාවික නීති වේ. මෙම නියාමයන් නොසලකා හැරීම පද්ධතිමය අවදානම් ඇති කරයි. {8}: ධම්මසංගණී ප්‍රකරණයට ලියූ අට්ඨසාලිනී අටුවාවෙහි දැක්වෙන පහත නිදසුන්
විවරණය අනුව."තත්ථ නියාමා නාම – උතු නියාමෝ,
බීජ නියාමෝ, කම්ම නියාමෝ, චිත්ත නියාමෝ, ධම්ම නියාමෝති. ඉමේ පඤ්ච
නියාමා." ගාථා විවරණාර්ථය අනුව: එහි
නියාම ධර්ම නම් උතු නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, චිත්ත නියාමය, ධම්ම නියාමය යි. මේ පස් නියාම ධර්ම වෙති. උක්ත දේශනා විවරණය අනුව:
- උතු/බීජ
නියාම: පරිසර හා ජෛව සීමා නොසලකා ජෛව-භෞතික සීමා
කඩා හරින තීරණ ගැනීම (දේශගුණික අවදානම).
- කම්ම
නියාම: හේතු-ඵල නීතිය නොසලකා අකෞශල්‍ය උපාය මාර්ග
අනුගමනය කිරීමෙන් දීර්ඝකාලීන නෛතික හා කීර්තිනාම පාඩු ඇති කර ගැනීම.
- චිත්ත
නියාම: චිත්තයේ ක්‍රියාකාරිත්වයේ නීතියයි.
චර්යාත්මක දුර්වලතා හේතුවෙන් අවදානම් තීරණවල ද්වන්ද-වූර්ජා ඇතිවේ.
2.2.2.1.
කර්ම හා ආජීව සම්බන්ධ අවදානම්
- අසම්මා
ආජීවය (වැරදි ජීවනෝපාය): හානිකර
ව්‍යාපාර හෝ අකෞශල්‍ය ක්‍රියා මඟින් පද්ධතිමය අවදානම් උත්ප්‍රේරණය කිරීම.
- පංචශීල
භංග: අහිංසාව නොසලකා හැරීම නිසා සමාජ විරෝධය සහ
නෛතික/කීර්තිනාම අවදානම් ඇතිවීම.
- මිතථාවචන (සම්මා වාචා අභාවය): විශ්වාස බිඳවැටීම, පාර්ශවකරුවන්
අතර ගැටුම් උත්ප්‍රේරණය වීම.
2.3.
අගති හතර (Four Biases) විමර්ශනය
අගති
හතර මඟින් අවදානම් තීරණ ගැනීමේදී ඇතිවන මූලික පක්ෂග්‍රාහීත්වයන් හඳුනා ගනී.{9}
අංගුත්තර නිකාය. චතුක්ක නිපාතෝ. 4.1.2.9. අගතිනාගති සූත්‍රයෙහි දැක්වෙන පහත නිදසුන්
විවරණය අනුව. "චතුහි ඨානෙහි අගතිං ගච්ඡති:
ඡන්දාගතිං ගච්ඡති, දෝසාගතිං ගච්ඡති, මෝහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති." ගාථා විවරණාර්ථය අනුව: සතර කරුණකින් අගතියට යයි: ඡන්දය (ලෝභය)
නිසා අගතියට යයි, ද්වේශය නිසා අගතියට යයි, මෝහය නිසා අගතියට යයි, භය (බිය) නිසා අගතියට
යයි. උක්ත දේශනා විවරණය අනුව: අවදානම් කළමනාකරණ සන්දර්භයෙහි, මේවා තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඇතිවන මූලික චර්යාත්මක දෝෂ (Cognitive
Biases) ලෙස සැලකිය හැක.
|
අගතිය |
චර්යාත්මක අවදානම |
කළමනාකරණයට බලපෑම |
|
ඡන්දාගති (ලෝභය) |
අධි ආත්ම විශ්වාසය (Overconfidence Bias) |
අධික ලාභය තකා අවදානම් තක්සේරුව විකෘති කිරීම. |
|
දෝසාගති (ද්වේශය) |
ප්‍රතික්‍රියාශීලී තීරණ (Reactive Decision-making) |
ප්‍රතිවාදීන් කෙරෙහි ඇති වෛරය නිසා විචක්ෂණශීලී නොවන උපාය මාර්ග
ගැනීම. |
|
මෝහාගති (මෝහය) |
තහවුරු කිරීමේ දෝෂය (Confirmation Bias) |
තමන්ගේ අඥාන අදහසට ගැලපෙන තොරතුරු පමණක් තෝරා ගැනීම. |
|
භයාගති (භය) |
අවදානම් භීතිකාව (Risk Aversion) |
බිය මත ගත් අතිවිවේකී තීරණ නිසා වෙළඳපොළ අවස්ථා මඟ හැරීම. |
2.4.
නූතන කළමනාකරණයේදී අවදානම් කළමනාකරණය (Risk Management
in Modern Management)
2.4.1.
අවදානම් කළමනාකරණයේ ඓතිහාසික පසුබිම
අවදානම්
කළමනාකරණයේ සංකල්පය අද දවසේ මෙන් විධිමත් නොවුණත්, එහි මූලයන් පුරාණ
ශිෂ්ටාචාර දක්වා දිව යයි. පුරාණ ඊජිප්තු හා බැබිලෝනියානු ශිෂ්ටාචාරවල වෙළෙඳාම,
ඉදිකිරීම් සහ කෘෂිකර්මය සම්බන්ධ අවදානම් අවම කිරීමේ උපාය මාර්ග
පැවතිණි. බැබිලෝනියානුවන් අතර වෙළෙන්දන්ගේ පාඩු පියවීමට මුල්කාලීන රක්ෂණ (Insurance)
ආකාරයක් පැවතීම මෙහිදී වැදගත් වේ (Valens Project
Consulting, n.d.){10}. 17 වැනි සියවසේදී පැස්කල් සහ ෆර්මාට්
වැනි ගණිතඥයන් විසින් අහඹු ක්‍රීඩා පිළිබඳව කළ අධ්‍යයන, නූතන
අවදානම් කළමනාකරණයට අත්‍යවශ්‍ය වන සම්භාවිතා න්‍යාය (Probability
Theory) බිහි වීමට මග පෑදීය (Riskonnect, n.d.) {11}.
අවදානම් කළමනාකරණය පිළිබඳ විධිමත් අධ්‍යයනය 20 වැනි සියවසේ, විශේෂයෙන්ම 1950 දශකයේ ඇමරිකානු රක්ෂණ කර්මාන්තය තුළින් වර්ධනය විය (Riskonnect,
n.d.){11}.
2.4.2.
අවදානම නිර්වචනය හා වර්ගීකරණය
අවදානම
යනු, අරමුණක් සාක්ෂාත් කර ගැනීමට අහිතකර ලෙස බලපාන සිදුවීමක සම්භාවිතාවයි
(Wikipedia, n.d.){12}. අවදානම ධනාත්මක හෝ සෘණාත්මක විය හැකි
අවිනිශ්චිතතා උත්පාදනය කරන බව පිළිගැනේ (Treasury, ශ්‍රී
ලංකාව, 2025){13}.
පිළිගත් නිර්වචන:
- ISO
31000:2018 ප්‍රමිතියට අනුව: "අවදානමක් සම්බන්ධයෙන් සංවිධානයක් මෙහෙයවීම සහ පාලනය කිරිම සඳහා
සම්බන්ධීකරණ කටයුතු සිදු කිරිම." (Coordinated activities to
direct and control an Organization with regard to risk). මෙහිදී අවදානම යනු "අරමුණු කෙරෙහි අවිනිශ්චිතතාවයේ බලපෑම"
(The effect of uncertainty on objectives) වේ.
- පොදු
නිර්වචනය: "අවදානම් කළමනාකරණය
යනු සංවිධානයක ප්‍රාග්ධනයට සහ ඉපැයීම්වලට ඇති විය හැකි තර්ජන (threats)
හඳුනා ගැනීම, ඇගයීම සහ පාලනය
කිරීමේ ක්‍රියාවලියයි."
අවදානම් වර්ගීකරණය:
- මූල්‍යමය
අවදානම් (Financial Risks): ණය, පොලී අනුපාත සහ වෙළෙඳපොළ අවදානම්.
- මෙහෙයුම්
අවදානම් (Operational Risks): අභ්‍යන්තර ක්‍රියාවලි, මානව සම්පත් සහ
තාක්ෂණික බිඳවැටීම්.
- උපාය
මාර්ගික අවදානම් (Strategic Risks): දිගුකාලීන අරමුණු සහ වෙළෙඳපොළ වෙනස්වීම්.
- අනුකූලතා/නෛතික
අවදානම් (Compliance/Legal Risks): නීති, රෙගුලාසි හෝ නීතිමය ක්‍රියාමාර්ග.
2.4.3.
අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය
ඵලදායී
අවදානම් කළමනාකරණය විධිමත් පියවර මාලාවකින් සමන්විත වේ (Treasury, ශ්‍රී ලංකාව, 2025){13}.

- සැලසුම්
කිරීම (Planning): අවදානම් කළමනාකරණයේ නියමයන්, වගකීම් සහ
මෙවලම් නිර්වචනය කිරීම.
- හඳුනා
ගැනීම (Identification): අරමුණු සාක්ෂාත් කර ගැනීමට බලපෑම් කළ හැකි සියලු අවදානම් සොයා
ගැනීම.
- විශ්ලේෂණය
හා ඇගයීම (Analysis and Evaluation): හඳුනාගත් අවදානම්වල සම්භාවිතාව (Probability) සහ බලපෑම (Impact) තක්සේරු කිරීම,
ඒවාට ප්‍රමුඛත්වය දීම.
- ප්‍රතිකර්ම
සැලසුම් කිරීම (Planning of Treatments): අවදානම් අවම කිරීම, මාරු කිරීම, පිළිගැනීම හෝ මග හැරීම සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීම.
- අධීක්ෂණය
හා සමාලෝචනය (Monitoring and Reviewing): අවදානම් සහ පාලන පියවරවල ඵලදායීතාවය අඛණ්ඩව අධීක්ෂණය කිරීම.
2.4.4.
අවදානම් කළමනාකරණ ක්‍රමවේද
ප්‍රධාන
වශයෙන්, අවදානම් කළමනාකරණය සඳහා ප්‍රවේශයන් දෙකක් භාවිතා වේ:
- ප්‍රමාණාත්මක
ප්‍රවේශය (Quantitative Approach): මූල්‍ය අගයන් සහ සම්භාවිතා භාවිතයෙන් අවදානම් මැනීම (උදා: VaR
– Value at Risk).
- ගුණාත්මක
ප්‍රවේශය (Qualitative Approach): අවදානම් සංස්කෘතිය, ආයතනික පාලනය (Governance)
සහ අවදානම් උපාය මාර්ග (Risk Strategies) කෙරෙහි අවධානය යොමු කිරීම.
මෙම
ක්‍රමවේදයන් ප්‍රධාන වශයෙන් බාහිර සාධක පාලනය කිරීමට උත්සාහ කළත්, තීරණ ගන්නා පුද්ගලයාගේ ආත්මීය සීමාවන් (Subjective
limitations) නිරාකරණය කිරීමේදී අසමත් වන බව විචාරකයෝ
පෙන්වා දෙති.
2.5.
උපාය මාර්ගික තීරණ ගැනීම සහ චර්යාත්මක ආර්ථික විද්‍යාව (Strategic
Decision Making and Behavioral Economics)
2.5.1.
උපාය මාර්ගික තීරණ ගැනීමේ සීමාවන්
සාම්ප්‍රදායික
ආර්ථික විද්‍යාව උපකල්පනය කරන්නේ තීරණ ගන්නා පුද්ගලයා තාර්කික නියෝජිතයෙකු (Rational Agent) බවයි. එහෙත්, සයිමන් (Herbert Simon)
හඳුන්වා දුන් සීමා සහිත තාර්කිකත්වය (Bounded
Rationality) යන සංකල්පය පෙන්වා දෙන්නේ, තීරණ ගැනීම සිදු වන්නේ සීමිත තොරතුරු සහ සීමිත සංජානන ධාරිතාවක් යටතේ
බවයි.
2.5.2.
සංජානනමය පක්ෂග්‍රාහීත්ව (Cognitive Biases)
කනේමන්
(Daniel
Kahneman) සහ ටවර්ස්කි (Amos Tversky)ගේ Prospect Theory මඟින් තහවුරු කළේ,
මිනිසුන් තීරණ ගැනීමේදී තාර්කික නොවී, සංජානනමය පක්ෂග්‍රාහීත්ව (Cognitive Biases) මත රඳා පවතින බවයි. කළමනාකරණයේදී ප්‍රධාන වශයෙන් හමුවන පක්ෂග්‍රාහීත්ව
නම්:
- Confirmation
Bias: තමන්ගේ මතය තහවුරු කරන
තොරතුරු පමණක් සෙවීම.
- Loss
Aversion: ලාභය ලැබීමට වඩා පාඩුවක්
වළක්වා ගැනීමට දක්වන වැඩි කැමැත්ත.
- Anchoring
Bias: තීරණයක් සඳහා මුල්ම ලැබෙන
තොරතුරට අධික ලෙස බර තැබීම.
මෙම
පක්ෂග්‍රාහීත්ව, අවදානම් කළමනාකරණයේදී අකාර්යක්ෂම සහ දූෂිත තීරණවලට
සෘජුවම මඟ පාදයි.
2.2.
Behavioral Biases in Risk Management
2.2.1.
Mental Hindrances (Nīvarana) and
Quality of Decision-Making
Mental
hindrances are immediate psychological obstructions that directly diminish the
quality of risk-related decisions. According to the exposition in the Anguttara
Nikaya, Pancaka Nipatha, 5.2.1.1 Nīvarana Sutta:
"Pañcceme
bhikkhave, nīvaranā... kāmacchando nīvaranaṃ, vyāpādo nīvaranaṃ, thīnamiddhaṃ nīvaranaṃ,
uddhaccakukkuccaṃ nīvaranaṃ, vicikicchā nīvaranaṃ."
Explanation:
Bhikkhus, there are these five hindrances: sensual desire, ill-will, sloth and
torpor, restlessness and remorse, and doubt.
Based
on this teaching: Hindrances are mental barriers that disrupt the concentration
of the mind during decision-making. Sloth and torpor (Thina-Middha) lead to a
lack of proper monitoring of risks or delayed decisions, while restlessness and
remorse (Uddhacca-Kukkucca) cause errors in data analysis.
2.2.2.
Disregarding the Five Universal Laws (Pancha Niyama Dhamma): Generation of
Systemic Risks
The
Pancha Niyama Dhamma are the natural laws that govern the world. Disregarding
these laws leads to systemic risks. According to the Atthasālinī,
the commentary on the Dhammasanganī:
"Tattha
niyāmā nāma – utu niyāmo,
bīja niyāmo, kamma niyāmo, citta niyāmo,
dhamma niyāmoti. Ime pañca niyāmā."
Explanation:
The laws are: the physical inorganic law (Utu), the physical organic law
(Bija), the law of action and result (Kamma), the law of the mind (Citta), and
the universal law of nature (Dhamma).
- Utu/Bija
Niyama: Making decisions that violate
bio-physical boundaries and ignore environmental limits (Climate risk).
- Kamma
Niyama: Following unwholesome strategies while
ignoring the law of cause and effect, leading to long-term legal and
reputational losses.
- Citta
Niyama: The law of mental activity. Behavioral
weaknesses lead to internal conflicts in risk-related decisions.
2.2.2.1.
Risks Related to Karma and Livelihood
- Wrong
Livelihood (Miccha-Ajiva): Catalyzing systemic risks through harmful
businesses or unskillful actions.
- Violation
of Five Precepts: Disregarding non-violence (Ahinsa),
leading to social opposition and legal/reputational risks.
- False
Speech (Lack of Samma Vaca): Collapse of trust and triggering
conflicts among stakeholders.
2.3.
Investigation of the Four Biases (Agati)
The
Four Biases identify the fundamental prejudices that arise during risk-based
decision-making (Anguttara Nikaya, Catukka Nipatha, 4.1.2.9 Agati Sutta):
"Catuhi
thānehi agatiṃ gacchati:
chandāgatiṃ gacchati, dosāgatiṃ
gacchati, mohāgatiṃ gacchati, bhayāgatiṃ
gacchati."
Explanation:
One goes to prejudice through four ways: prejudice through desire (Chanda),
prejudice through hatred (Dosa), prejudice through delusion (Moha), and
prejudice through fear (Bhaya). In the context of risk management, these can be
considered as fundamental Cognitive Biases.
|
Bias
(Agati) |
Behavioral
Risk |
Impact
on Management |
|
Chandāgati (Desire) |
Overconfidence
Bias |
Distorting
risk assessment for excessive profit. |
|
Dosāgati (Hatred) |
Reactive
Decision-making |
Taking
irrational strategies due to animosity toward competitors. |
|
Mohāgati (Delusion) |
Confirmation
Bias |
Selecting
only information that fits one's ignorant views. |
|
Bhayāgati (Fear) |
Risk
Aversion |
Missing
market opportunities due to over-cautious decisions based on fear. |
2.4.
Risk Management in Modern Management
2.4.1.
Historical Background of Risk Management
Although
the concept was not as formal as today, its roots trace back to ancient
civilizations. Strategies to mitigate risks in trade, construction, and
agriculture existed in ancient Egypt and Babylonia. Notably, early forms of
insurance existed among Babylonians to cover merchant losses (Valens Project
Consulting, n.d.). In the 17th century, mathematicians like Pascal and Fermat
studied games of chance, leading to Probability Theory, essential for modern
risk management (Riskonnect, n.d.). Formal study grew in the 20th century,
especially within the 1950s American insurance industry.
2.4.2.
Definition and Classification of Risk
Risk
is the probability of an event adversely affecting the achievement of an
objective (Wikipedia, n.d.). It is recognized that uncertainty can generate
positive or negative outcomes (Treasury, Sri Lanka, 2025).
Key
Definitions:
- ISO
31000:2018: "Coordinated activities to direct
and control an organization with regard to risk." Risk is defined as
"The effect of uncertainty on objectives."
- General
Definition: "Risk management is the process of
identifying, assessing, and controlling threats to an organization's
capital and earnings."
Classification
of Risk:
- Financial
Risks: Credit, interest rates, and market risks.
- Operational
Risks: Internal processes, human resources, and
technical failures.
- Strategic
Risks: Long-term goals and market changes.
- Compliance/Legal
Risks: Laws, regulations, or legal actions.
2.4.3.
The Risk Management Process
Effective
risk management consists of formal steps (Treasury, Sri Lanka, 2025):
- Planning: Defining
terms, responsibilities, and tools.
- Identification: Finding
all risks that could affect objectives.
- Analysis
and Evaluation: Assessing probability and impact;
prioritizing them.
- Treatment
Planning: Developing strategies to mitigate,
transfer, accept, or avoid risks.
- Monitoring
and Reviewing: Continuously monitoring the effectiveness
of controls.
2.4.4.
Risk Management Methodologies
Two
main approaches are used:
- Quantitative
Approach: Measuring risk using financial values and
probabilities (e.g., VaR – Value at Risk).
- Qualitative Approach: Focusing
on risk culture, governance, and risk strategies.
Critics
point out that while these methods attempt to control external factors, they
often fail to address the subjective limitations of the decision-maker.
2.5.
Strategic Decision Making and Behavioral Economics
2.5.1.
Limitations of Strategic Decision Making
Traditional
economics assumes the decision-maker is a "Rational Agent." However,
Herbert Simon’s concept of Bounded Rationality shows that decisions are made
under limited information and limited cognitive capacity.
2.5.2.
Cognitive Biases
Daniel
Kahneman and Amos Tversky’s Prospect Theory confirmed that humans rely on
cognitive biases rather than pure rationality. Key biases in management
include:
- Confirmation
Bias: Seeking only information that confirms
one's beliefs.
- Loss
Aversion: A stronger preference for avoiding losses
than acquiring gains.
- Anchoring Bias: Relying too
heavily on the first piece of information received.
These
biases directly lead to inefficient and flawed decisions in risk management.
Comments